Thursday, June 26, 2014

බෙල්ජියමේ ගෝල පිපාසය ! ඇල්ජීරියාව සමහ රුසියාව! 16 කාටද?

ඇල්ජීරියාව සහ රුසියාව අද රාත්‍රී 9.30ට







ඇල්ජීරියාව සහ රුසියාව අතර තරඟය දෙපිලටම ඉතා වැදගත්!
ජයග්‍රහණයක් කරන්නාට 16 වටයේ දොර ඇරේ. තරඟය සමවූවහොත් ඇල්ජීරියාවට වාසනාව! වේගවත් ඇල්ජීරියාවට ආරක්‍ෂාව සවිමත් රුසියාව කෙසේ මුහුණ දේවිද?


බෙල්ජියම සහ කොරියාව අළුයම 1.30ට
ඇල්ජීරියාව සහ රුසියාව 2-1 සහ 1-0 ලෙස පරාජය කළ කාණ්ඩයේ පළමුවැනියා වන බෙල්ජියම, රුසියාව සමග සමවී ඇල්ජීරියාවට 2-4 ලෙස පැරදුනු කොරියාව සමග තරඟයෙන් ඉතිරි ලකුණු තුන දිනාගැනීමයි අරමුණ! 





ගෝල හිඟයක් තිබෙන බෙල්ජියමේ හසාඩ්! කෙවින් ඩි බ්‍රයුන් අද ගෝල පිපාසය සන්සිඳවා ගන්නට හදනු ඇත. 




කොරියාවට තිබෙන එකම අවස්ථාව වැඩි ගෝල 3 සමග ඇ‍ල්ජීරියාවට හා රුසියාවට වඩා ගෝල ලබා බෙල්ජියම් තරඟය දිණීමයි.

අවසාන තරඟ 2! 
වැඩි ගෝල බලාපොරොත්තු වන්න. #බෙල්ජියමේ ගෝල පිපාසය ! ඇල්ජීරියාව සමහ රුසියාව! 16 කාටද?

ජර්මනිය, ඇමෙරිකාව,ඝානාව, පෘතුගාලය ගෝල වරුසාව අදයි!


ජර්මනිය හා ඇමරිකාව අද රාත්‍රී 9.30ට
පෘතුගාලය සහ ඝානාව අද රාත්‍රී 9.30ට

ඇමරිකාවට අද වැදගත් දවසක්! පෘතුගාලය අවසාන මොහොතේ 2-2 සමවී  2-1ට ඝානාව පැරදවූ ඇමරිකාව ජර්මනිය පරාජය කිරීමෙන් හෝ සමවීමෙන් හෝ වැඩි ගෝල ගණනක් ලබාගන 16 වටයට යන්නට පුලුවන්!

ඝානාව 1 ලකුණක් ලබා ඇමරිකාවට ගෝ‍ල 2 ක් පිටුපසින්! ඝානාව පෘතුගාලය පරදවා ඇමෙරිකාව ලබාගන්නෝ ගෝල ගණනට වඩා 3 ක් ගැනීමෙන් 16 වටයට යන්නට පුළුවන්!

පෘතුගාලයේ අභියෝගය ඉතා ඉහලයි! ජර්මනියට 2-2 ලෙස සමවී 1-2ට ඇමරිකාවට පරාජය වූ පහසුවෙන් සමුගන්නට අකමැති ඝානාව ගෝල 6ක් සමග ඇමරිකාවට ලබා ගන්නා ගෝල ගණන සම කිරීම. 2014 ලෝක කුසලානයේ වැඩිම ගෝල සංඛ්‍යාව අද පෘතුගාලය සහ ඝානාව වාර්ථා කරයිද? අද ගෝල වරුසාවක් බලන්න!












2014 ලෝක කුසලාන ගෝල හිඟයකින් පෙලෙන රොනල්ඩෝ අද එය වෙනස් කර ගනීවිද?

ජර්මනියේ ක්ලෝස් තම සුපිරිභාවය පෙන්නා තරඟය ගෝල වැස්සක් කරයිද? ඇමරිකාව 16ට එතෙර වීම ශාක්ෂාත් කරගන්න ගන්නා සෑම ගෝලයක්ම වාසියක! ගෝල වරුසාවක පෙර නිමිති මේ තරඟයේදී!


මුලර් මෙසී හා නේමා අභිබවාවිද?
#ජර්මනිය, ඇමෙරිකාව,ඝානාව, පෘතුගාලය ගෝල වරුසාව අදයි!

ප්‍රංශය දණ නොනැමූ ඉක්වදෝරයේ සමුගැනීම!

ඉක්වදෝරය තරඟ 2ක් දිනා ගෝල 8ක් ලබාගෙන සිටි ප්‍රංශය සමග තරඟයට ආවේ අනිවාර්යෙන් වැඩිගෝල ගණනකින් දිනිය යුතු තරඟයක් ලෙසය. එය ඉක්වදෝරයේ අවසාන තරඟය වූයේ 0-0 ලෙස සම වීමේනි. ඉක්වදෝරය ලෝක කුසලානයෙන් සමුගත්තේ කාණ්ඩයේ පළමුවැන්නා වූ ප්‍රංශයට හිස නොනමාය. ඔවුහු ප්‍රංශයට අභියෝග කර සම වූහ.











 බෙන්සිමා ප්‍රමුඛ ප්‍රංශ කණ්ඩායම ප්‍රහාර පිට ප්‍රහාර 20 ක් දියත් කලද ඉලක්කය කරා ගිය 13කි. ඉක්වදෝරයේ ගෝල රකින්නා දොමින්ගෝස්  හා ආරක්‍ෂකයන් ඒවා වැලකූහ. දොමින්ගෝස් ගෝ‍ල ප්‍රහාර 9ක් රැක ගත්තේ අවසාන තරඟයේ වීරයා බවට පත් වෙමිණි.

ඉක්වදෝරය අවස්ථා ගණනාවක ප්‍රංශ ගෝල කලාපය ආක්‍රමණය කර ප්‍රහාර 11 ක් එල්ල කළද 7ක් පමණක ඉ‍ලක්කය තිබුණි. නමුත් ගෝලයක් නොලැබුණි.






50 වන විනාඩියේදී ඉක්වදෝරයේ නායක, මැදපෙල අන්තෝනියෝ වැලෙන්සියා රතු පතක් ලබා ඉවත් වීමෙන්, ඉක්වදෝරය තරඟ අවසානය දක්වා ක්‍රීඩා කලේ 10 දෙනෙකුගෙනි.





ප්‍රංශයේ පෝල් පොග්බා හා බෙන්සෙමාගේ ඉලක්කය නොතිබීම කැපී පෙනුනු ප්‍රංශය 16 වටයේදී ආජන්ටීනාව සමග තරඟය අභියෝගයකි.

දකුණු ඇමරිකා කණ්ඩායම් අතරින් ඉක්වදෝරය පමණක් 16 වටයට නොතේ්රුණු මේ තරඟයේ දක්‍ෂ ලෙස ක්‍රීඩා කල ගෝල රකින්නා දොමින්ගස් තරඟයේ වීරයාය.

විඩියෝව පහල !


#ප්‍රංශය දණ නොනැමූ ඉක්වදෝරයේ සමුගැනීම!