Thursday, June 19, 2014

FIFA 2014 ඕස්ට්‍රේලියාවේ අභීත නික්ම යාම!

ස්පාඤ්ඤය ගෝල 1-5 ලෙස පැරදවූ නෙදර්ලන්තය හමුවේ ඕස්ට්‍රේලියාවට දැවැන්ත පරාජයක් ලබතැයි විචාරකයන් සැකකලද, ඉතා දක්‍ෂලෙස ක්‍රීඩා කල ඕස්ට්‍රේලියා කණ්ඩායම තරඟයේ 20 වැනි විනාඩිය වන තුරු නෙදර්ලන්තය සමග කරට කර සිටියහ. 20 වන විනාඩියේදී ආජන් රොබන් සුපුරුදු දස්කම් දක්වමින් ගෝලයක් ලබාගත් අතර ඕස්ට්‍රේලියා නායක ටිම් කාහිල් 21 වන විනාඩියේදී මීටර් 25 පමණ දුර සිට එල්ල කල වොලී පහරකින් දර්ශනීය ගෝලයක් ලබාගන ලකුණු සම කලේය.





එතැන් පටන් තරඟය දෙපසට දෝලනය වෙමින් අර්ධ කාලය දක්වා ගෝලයක් වාර්ථා නොවිණි. නෙදර්ලන්තයේ ප්‍රහාර මාලාවක් වැලැක්වූ ඕස්ට්‍රේලියාව චිලී තරඟයට වඩා නව ජවයකින් හා උපක්‍රමශීලීව තරඟ කළෝය. විවේක කාලයට පසු තරඟයේ රිද්මය වඩාත් වේගවත් වූ අතර 54 වන විනාඩියේදී මයිල් ජෙඩිනැක් දඬුවම් පහරකින් ගෝලයක් ලබාදී ඕස්ට්‍රේලියාව 2-1 ලෙස පෙරට ගෙන ආවේය.



ඊට විනාඩි 5 කට පසුව රොබින් වෑන් පර්සි දක්‍ෂලෙස ලබාගත් ගෝලයෙන් නැවතත් දෙපිල 2-2 ලෙස සමවිය. ඉන් ඉදිරියට තරඟය ඇදී ගියේ දෙපිලටම ගෝල ලබාගැනීමට ආසන්න අවස්ථා ලබා දෙමිනි. සියල්ල වෙනස්වූයේ නෙදර්ලන්තයේ 20 හැවිරිදි තරුණ ක්‍රීඩක මෙම්පිස් ඩිපේ මීටර් 30 පමණ දුර සිට දර්ශනීය පහරකින් ලබාගත් ගෝලයෙනි.


තරඟය අවසාන වනතුරු ඕස්ට්‍රේලියාව 2-3 ලෙස ක්‍රීඩා කල අතර ඔවුන් 16 දෙනාගේ වටයෙන් ඉවත්විණි. නෙදර්ලන්තය ලකුණු 6 ක් ලබා සිටින අතර ජූනි 24 දා ඕස්ට්‍රේලියාව 3-1 ලෙස හා 2-0 ලෙස ස්පාඤ්ඤය පැරදවූ විඩාල්, සැන්චෙස් වැනි ඉතා දක්‍ෂ ක්‍රීඩකයන් සිටින චීලී කණ්ඩායම හා තරඟ වදිනු ඇත. එම තරඟය ලෝක කුසලානයේ අනර්ඝම තරඟයක් වනු ඇත.


No comments:

Post a Comment