Tuesday, June 17, 2014

FIFA 2014 : ජර්මනිය පෘතුගා‍ලය පැරදවූ හැටි (4-0)

තරඟයආරම්භයේ පටන් ජර්මන්වරු තරඟය පාලනය කලහ. 11 විනාඩියේදී ගෝලයක් ගැසීමට ආසන්න වූ ජර්මනියේ ගෝට්ස් පෘතුගාලයේ ජෝ පෙරේරා විසන් වැට්ටවීම නිසා  ජර්මනියට දඬුවම් පහරක් හිමිවිය. එය මුලර් ගේ ප්‍රථම ගෝලයයි.



32 විනාඩියේදී ජර්මනියේ හමෙල්ස් විවෘත වූ ගෝල ප්‍රදේශයේ සිට හිස් පහරකින් ගෝලයක් ලබාගත්තේය.










තත්වය දරුණුවූයේ පෘතුගාලයේ හිතුවක්කාර පෙපේ විසින් අනවශ්‍ය ලෙස ජර්මනියේ මුලර්ගේ මුහූණට
ගැසීමත් අනුතුරුව, වැටී සිට මුලර්ට හිසෙන් පහර දීමත් සමගය. පෙපේට රතු පතක් හිමිවීමත් සමඟ පෘතුගාල තරඟය නාය යාම ඇරඹිණි. පෙපේගේ ක්‍රියාකලාපය පෘතුගා‍ල ක්‍රීඩකයන්ගේ පසුබෑමකට ලක් කලේය.


 





පසුව මුලර් 46 සහ 72 විනාඩියේදී ගෝල දෙකක් ලබාගන සතියේ වැඩිම ගෝල ගණනක් හිමිකරගත් ක්‍රීඩකයා විනි.



ලෝකයේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස තෝරාගත් රොනල්ඩෝ නායකත්වය දැරූවද 10 කින් යුත් කණ්ඩාමකට ජර්මනිය පරාජය කිරීමට නොහැකි විය.


ඉතාමත් වෘත්තීය ලෙස තරඟ කළ ජර්මනිය ඉදිරි තරඟ වන්නේ ඝානාව සහ ඇමරිකාවයි. එම තරඟ දෙකම ජයග්‍රහණය කර අවසාන තරඟයට යාමට නම් කොරියාව හෝ රුසියාවද අනතුරුව ප්‍රංශය හෝ බෝස්නියාවද හා බ්‍රසීලය හෝ නෙදර්ලන්තයද පරාජය කිරීමටද සිදුවනු ඇත. නෙදර්ලන්තය හා ජර්මනිය ඉදිරි ගමනක යෙදෙන බව ඔවුනගේ ක්‍රීඩා විලාශයෙන් පෙනුනි.

යම් හෙයකින් ජර්මනිය ඉදිරි තරඟ සිය‍ල්ලම දිනන්නේ නම් අවසාන තරඟයේදී ආජන්ටීනාව හෝ ඉතාලිය හමුවීමට ඉඩ ඇත.

තෝමස් මුලර් 2010 ලෝක කුසලානයේ ගෝල පහක් ලබාගනිමින් රන් සපත්තුවද, හොඳම තරුණ ක්‍රීඩකයා සම්මානයද දිනා ගත්තේය.






















FIFA 2014 : ජර්මනිය පෘතුගා‍ලය පැරදවූ හැටි (4-0)

No comments:

Post a Comment