Monday, June 16, 2014

ඉතාලියේ කලූ අශ්වයා එංගලන්තය 2-1ට පරදවයි !

මිනිත්තුවේදී ඉතාලියේ කලූ අශ්වයා මාරියෝ  බලෝටෙලි එංගලන්තයේ ගැරී කාහිල් අභිභවා හිස් පහරකින් ලබාගත් ගෝලයෙන් ප්‍රංශයට (2-1) ජයක් ලබා දුනි.


එංගලන්තය නව ආරකට ප්‍රහාරාත්මකව ක්‍රීඩා කළමුත් ඔවුන් ලද පරාජය D කාණ්ඩය අවුල් කළේය. ප්‍රාහාරක ඩැනියෙල් ස්ටුරිජ් පසුපසින් ඉතා හොඳින් ක්‍රීඩා කල 19 හැවිරිදි රහීම් ස්ටර්ලිං යෙදවීමෙන් විවිධ අවස්ථාවල ඉතාලියට තර්ජනයක් විය.  එංගලන්තයේ ආරක්‍ෂාව දුර්ව‍ලතාවය නිසා 50 මිනිත්තුවේදී මාරියෝ බලෝටෙලිට තරඟයේ තීරණාත්මක ගෝලය ලබාදුන් අතර මීටර් 20 දුර සිට මැදිපිටියේ ක්‍රීඩක 35 මිනිත්තුවේදී ක්ලෝඩියෝ මාෂියෝ ලබාගත් ගෝලයද නැවැත්වීමට බැරිවිය.


මේ අනුව එංගන්තයට 16 දෙනාගේ වටයට යාමට කොස්ටාරිකාවට (3-1) ලෙස පරාජයට පත් උරුගුවේ හා කොස්ටාරිකා සමග ජූනි 20 සහ 24 දිනවලදී ජයග්‍රහණය කළ යුතුය. එසේ උවහොත් 16 වටයේදී කොලම්බියාව හෝ අයිවරි කෝස්ට් හමුවීම වාසිදායක වේ. ඒ සඳහා එංගන්තය තමන්ගේ ආරක්‍ෂාවේ දුර්වලකම හදාගත යුතුය.

අංක 10 ක්‍රීඩාකල රූනිගේ වමට දමා මැද ස්ථානය ස්ටර්ලිංට දීම නිසාත්, වමේ ක්‍රීඩා කල ඩැනී වෙල්බෑක් දකුණට දැමීම නිසාත් වෙනදා මෙන් රූනී සහ ඩැනී වෙල්බෑක්ගේ සුපුරුදු සම්බන්ධතා බිඳ වැටුනි.
නමුත් මීට පෙර ඉතාලිය සමග ක්‍රීඩා කලාට වඩා වේගයක් සහ ප්‍රහාරාත්මකව එංගලන්තය ක්‍රීඩා කිරීම ඉදිරි තරඟ ව‍‍‍‍ලදී වාසීවේ. ස්ටර්ලිං අවස්ථා දෙකකදී රූනිට සහ ස්ටුරිජ් ලබාදුන් බෝල ගෝල ලබාගැනීමට තිබිණි.
37 වන මිනිත්තුවේ ඩැනියෙල් ස්ටුරිජ් ලබාගත් ගෝලයෙන් තරඟය සම වූ අතර 50 මිනිත්තුව දක්වා තරඟය දෙපසට දෝලනය විය.


මාෂියෝ 50 මිනිත්තුවේදී ලබාගත් ගෝලය ඉතාලියේ මැදපටියේ මොලකරු පිර්ලෝ දක්‍ෂකම දර්ශනය කලේය.

කැන්ද්‍රේවා ගෝල කොටුවට එල්ල කළ හරස් පහර වැලැක්වීමට ලේටන් බේන් අසමත්වීමත්, ගැරී කාහිල් කෙලවර ගෝල කණුව අසට සිටි මාරියෝ බලෝටෙලි මග හැරීම නිසා  මාරියෝ බලෝටෙලිට පහලට හිස්පහරක් එල්ල කිරීමෙන් ඉතාලියේ 2වන ගෝලය ලැබිණි.



එංගලන්තයේ බලාපොරොත්තුව වූ රූනිට අවස්ථා කීපයක්ම ලැබුණද නිසි ඉලක්කයක් නොමැතිකමින් පහරවල් අපතේ ගියේය.

ඉතාමත් උනුසුම් හා ආකර්ශණාත්මක තරඟයක් වූ ඉතාලි එංගලන්ත තරඟය, එංගලන්ත රසිකයයින්ගේ බලාපොරොත්තු කඩ කළත් ඉදිරි තරඟයවලදී ඔවුන් හොඳින් ක්‍රීඩා කරන බවට ඉඟියක් විය. ඉදිරියේදී වෙල්බෑක් වෙනුවට තරුණ ක්‍රීඩක බාක්ලිද, අලුත් ආරක්‍ෂයන්ද යෙදවීමට ඉඩ ඇත. ඉතාලියේ කලූ අශ්වයා එංගලන්තය 2-1ට පරදවයි !

No comments:

Post a Comment