Saturday, June 21, 2014

ඉතාලිය පැරදූ කොස්ටාරිකාවේ සුරංගනා කථාව 16 දෙනාගේ වටයට

FIFA ශ්‍රේණි ගතකිරීමේ 34 වැනියා කොස්ටාරිකාව! 9 වැනියා වූ ඉතා‍ලිය පරදා කොස්ටාරිකාවට සැණකෙලියක් උදාකලේ නායක බ්‍රයන් රුයිස්! ඉතාලිය එංගලන්තය පරදා ලබාගත් මාන්නයෙන් කොස්ටාරිකාව හමුවන්න ඇරීනා පරිනාම්බුකෝ ක්‍රීඩාංගණයට ආවේ මරියෝ බලෝටෙලි ප්‍රමුඛ කැසෝනෝ, සර්සි සහ ඉන්සයින් ප්‍රහාරකයෝ 4ක් අරගන!






ඉතාලිය තරඟය ආරම්භ කලේ ආරක්‍ෂකයින් 4ක්, මැදපෙළ 5ක් සහ . ප්‍රහාරක බලෝටෙලි සමග. කොස්ටාරිකාව පාපන්දු ලෝකයේ පුංචිම රටක්! ජණගහණය මිලියන 5ට අඩුයි! අද ලෝකයම ඔවුන් දැන ගත්තේ ඉතාලිය 1-0 ලෙස පරාජය කළ නිසයි!

ඉතාලිය 61%ක් බෝලය තබාගත්තත්  ඉතාලිය පැරදවීමේ සැලැස්ම කොස්ටාරිකාව හරියටම කළා! බෝලය ඉතාලිය ලඟ තිබුණට කොස්ටාරිකා තමන්ගේ කළාපය හොඳන් ආරක්‍ෂා කලා. කොස්ටාරිකාවේ ගියන්කාලෝ ගොන්සාලෙස්, ජූනියර් ඩයස්, මයිකල් උමානා ආරක්‍ෂාවද , තරඟය මෙහෙයවීම බ්‍රයන් රුයිස්ද දස්කම් දැක්වූවා. තරඟයේ වාර්ථා කළ එකම ගෝලය නායක බ්‍රයන් රුයිස්ගේ හිසින්! දකුණු කෙලවරේ සිට බ්‍රයන් රුයිස්ට සුපිරි දැමීමක් කළේ ජූනියර් ඩයස්! 







 
කොස්ටාරිකා ක්‍රීඩකයෝ ඉතාලියේ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ කළේ, ඉතාලියේ තරඟ සැලසුම් වලට ඔවුන්ගේ ප්‍රතිසැලසුම් යොදමින්. ඔවුන් එක් වතාවක හැර අන් සෑම වතාවකදීම බලෝටෙලි හා පිරලෝ සම්බන්ධය බිඳ දැම්මේ බලෝටෙලි අසලම ආරක්‍ෂකයකු රැඳවීමෙන්! බලෝටෙලි හා මැද පෙල පිරලෝ අතර හිදැසක් නොතැබීමෙන්! ප්‍රහාරයකදී අනෙක් කෙලවරට යන කොස්ටාරිකානුවෝ ආරක්‍ෂාව අවශ්‍ය විටදී පසු පසට දුව ආවා. එක් අවස්ථාවක නිසැක ගෝලයක් ලබාගැනීමට බලෝටෙලිට නොහැකිවූයේ පිරලෝ දැමූ බෝලය පාලනය කරගැනීමට නොහැකි වූ නිසා. "බලෝටෙලි හොඳ ක්‍රීඩකයෙක්- නමුත් ඔහු කරන්නට යන හැම දේම අපි දැනගන හිටියා" කියන්නේ කොස්ටාරිකා පුහුණු කරු!

තරඟයේදී ඉතාලිය ගෝල නොලද පහරවල් 11 ක් එල්ල කළ අතර , කොස්ටාරිකාව පහරවල් 9 ක් එ‍ල්ල කර එක ගෝලයක්!. ඉතාලි ක්‍රීඩකයෝ 11 වතාවක් ඕෆ් සයිඩ් 11 වීම මහත් පාඩුවක්!

කොස්ටාරිකා කණ්ඩායමේ ජයග්‍රහණය වේගවත් ප්‍රහාරක රිද්මයකට තරඟය ගෙන ඒම සහ ප්‍රතිවාදීන්ගේ ආරක්‍ෂක දැල අතරින් නිර්මාණාත්මක ලෙස රිංගීම. මෙහිදී මුලු කණ්ඩායමම ප්‍රහාරයේදී ප්‍රතිවාදී පිලේ ගැඹුරට ගිය අතර ප්‍රතිප්‍රහාර වලදී සෑම අයකුම පෙරළා තම ප්‍රදේශයට හා බෝලය පසු පසට ඒම කළා!ඒ නිසා ඉතාලි සැලසුම් අවුල්!
















කොස්ටාරිකා බාවිතා කළ ආරක්‍ෂකයන් 5 දෙනාගේ  පවුර ඉතාලියේ ගෝලය අසල ප්‍රහාර ක්‍රියාකාරකම් වලට බාධා කළා. දෙවන භාගයේදී ඉතාලිය තම ප්‍රහාරකයන් 4ක්ම යොදවමින් විවිධ උත්සාහ කළත් ගෝලයක් ලබාගන්නට නොහැකි උනා! ඉතාලියේ මන්දගාමී ක්‍රීඩාව කොස්ටාරිකාවේ අධිවේගී ක්‍රීඩාවට පරාජය වූ බව ඉතාලි පුහුණුකරු පිලිගත්තා!

කොස්ටාරිකානුවන්ට ලෝක කුසලානයේ සිදුවනදේ අදහා ගත නොහැකියි වගේ! ඔවුන් අතිදක්‍ෂ උරුගවේ 3-1 ට පරාජය කළහ. ඉන් ලද පන්නරයෙන් අද ඉතාලිය 1-0 ට පරාජය කළහ. ඊ ලඟට හමුවන්නේ දැනටමත් 16 දෙනාගේ වටයට සුදුසුකම් නොලද එංගලන්තය! ඉතාලියට 1-2 හා උරුගුවේට 1-2 ලෙසින් පැරදුනු එංගන්තය හා එම දෙකම පරාජය කල කොස්ටාරිකාව සමවේද? එම ජයග්‍රහණය ලබා කොස්ටාරිකාව ලෝක කුසලානයේ කෙතරම් දුරක් යයිද? ඊ ලඟ තරඟ කවුරු ජයග්‍රහණය කළත් කොස්ටාරිකාව 16 දෙනාගේ වටයට යන එක ස්ථිරයි! ඔවුන් ජූනි 24 ඔවුනට එංගලන්ත තරඟය හොඳ ඉදිරි පුහුණුවක්! 



කොස්ටාරිකාවට ගෝලය ලබාගත් නායක බ්‍රයන් රුයිස් ආසනල් ක්‍රීඩා සමාජයේ ප්‍රහාරකයෙක්! "උරුගුවේ පරාජය කළාට පසුව අපි උද්වේගකර උණා" ඔහු කියනවා!

අදහාගත නොහැකියි!

"මේ සිදුවන්නේ සුරංගනා කථාවක්!" කොස්ටාරියා ක්‍රීඩකයන් විශ්වාස කරන්නේ එහෙමයි! ඔවුන් ලෝක කුසලානයේ මරණයේ කාණ්ඩයට වැටුනු විට සෑම දෙනා කථාකලේ එංගලන්තය, උරුගුවේ හා ඉතාලිය ගැනයි! ඒත් සහභාගී වූ තරඟ දෙකම ගෝල පරතරය +3 ක් වන සේ ජයගත් කොස්ටාරිකාව ලකුණු 6ක් සමග කාණ්ඩයේ ඉහලම! දැන් කොස්ටාරිකාව ගැන කතා කරන්න වේලාව! 

කොස්ටාරිකාව වැඩි බරක් ආරක්‍ෂාවට යෙදු අතර ඉඳ හිට ප්‍රතිමෙහෙයුම් දියත් කලේ තරඟය පුපුරා යන ‍ලෙසින්! ඉන් පල නෙලා ගත්තා! දැන් ඔවුන් ජීවත් වන්නේ සුරංගනා කථාවක! එය කෙසේ කෙලවර වේද? 







#ඉතාලිය පැරදූ කොස්ටාරිකාවේ සුරංගනා කථාව 16 දෙනාගේ වටයට! #srilankafootballfan

No comments:

Post a Comment