.jpg)
අර්ධ කාලය අවසානයට ලංව ස්පාඤඤයේ ලෝක කුසලාන ඉරණම ලියවූයේ ඇලෙක්සි සැන්චේස් මීටර 24ක් දුර සිට එල්ල කළ නිදහස් පහරකිනි. ස්පාඤඤයේ ගෝල රකින්නා වන කැසිලාස් වැලැක්වූ එම පහර කෙලින්ම ගිය මෙක්සිකෝවේ චාල්ස් අරන්ගුයිස්ටය. ඔහු ස්පාඤඤයේ ගෝල රකින්නා මග හරවා පිටට වක්‍රවී යන ආකාරයෙන් එල්ල කළ පහරින් මෙක්සිකෝවට දෙවන ගෝලය ලැබිණි.
ස්පාඤඤය සමඟ අවදානමක් ගනිමින් ප්‍රහාරකයක් 3 ක් යෙදවූණු චිලී තරඟයේ ආරක්‍ෂකයන් වූ සිල්වා, ජාරා හා මෙඩල් ස්පාඤඤයේ ප්‍රහාරකයන් වූ දියාගෝ කොස්තා හා ටොරෙස්ද නවතා ලීමට සමත් වූහ. අද්වීතීය ලෙස ක්‍රීඩා කළ ප්‍රහාරක අටුරෝ විඩාල් හා ඇලෙක්සි සැන්චේස් පිටියේ සෑම ස්ථානයකම ක්‍රීඩා කරමින් තමන් වටේ ක්‍රීඩකයන් සම්බන්ධ කරගනිමින් චිලී ජයග්‍රහණය තහවුරු කළේය.
ස්පාඤඤයේ කෙටි ලබාදීම් හා ටිකි ටාකා මෙහෙයුම් අඩාල කිරීමට චිලී ක්‍රීඩකයකයන් සමත් වීමත්, ස්පාඤඤයේ ගෝල රකින්නාගේ හා ආරක්‍ෂකයින්ගේ දුර්වලතාවයත් තරඟයේ පරාජයට හේතුවිනි.

.jpg)










තරඟයේ 20 වැනි විනාඩියේදී දකුණු පසින් ආ හරස් පහරකට චීලී ක්‍රීසකයින් රැසක් ආරක්‍ෂකයින් අභිබවා ස්පාඤඤයේ ගෝල කොටුව ආක්‍රමණය කර සිටියහ. අාටුරෝ විඩාල් හා ඇලෙක්සි සැන්චේස් හා උපක්‍රම ශීලීව ක්‍රීඩා කිරීමෙන් එඩුවඩෝ වරගාස් බිම වැටී එල්ල කර පහරින් චිලී කණ්ඩායමට ප්‍රථම ගෝලය ලැබිණි.
විවේකයෙන් පසුව විනාඩි 45 තුල ස්පාඤඤය කිහිප වාරයකි චීලී ගෝල සීමාව ආක්‍රමණය කලද අවස්ථා 2 කදී ස්පාඤඤ ආරක්‍ෂක රාමෝස් හා එක් අවස්ථාවකදී එනියස්ටාගේ ප්‍රහාරද චිලී ගෝල රකින්නා බ්‍රාවෝ විසින් රකින ලදි.

ස්පාඤඤය තරඟ කාලයෙන් 58% ක් බෝලය තබාගත්තද , කෝණ ප්‍රහාර 7:1 ක් ලබාගත්තද, ගෝල ප්‍රහාර 16:1 ක් දැමීම් 502:205ක් වූවද ගෝල ලබා නොගත් නිසා ස්පාඤ්ඤය පරාද විනි. මේ ලෝක ශූර ස්පාඤඤ කණ්ඩායම ලද පරාජයට වඩා ඔවුනගේ ටිකි ටාකා ක්‍රමවේදය බ්‍රසීලයේදී අවදානමක් ගන්නා ප්‍රහාරාත්මක ක්‍රමවේදයට පරාජය වීමයි.
චිලී මේ වනවිට ලකුණු 6 ක් ලබාගන ගෝල පරතරයෙන් B කාණ්ඩයේ 2වන ස්ථානය ලබා සිටී. ඔවුන් ජූනි 23 ස්පාඤඤය හා ඕස්ට්‍රේලියාව පරාජය කළ නෙදර්ලන්තය හමුවේ. දැනටමත් 16 දෙනාගේ වටයට තේරී තිබෙන චීලී එම හමුවෙන් පසුව ඉදිරි ගමන තීරණය වේ.

No comments:
Post a Comment