Thursday, June 12, 2014

නේමා, ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයා ඔහු වේවිද?

නේමා ද සිල්වා සන්ටොස් ජූනියර්, උපත පෙබරවාරි 5,1992, මොගිඩාස් කෘසෙස්, බ්‍රසීලය
උස 1.75, වයස 22, 
ප්‍රහාරක, වම්පැති ඉදිරි ක්‍රීඩක
බාසිලෝනා 

වයස 11 දී 2003 සන්ටොස් සමාජයට
වයස 17 දී 2009 සන්ටොස් 19 පහළ කණ්ඩායමට
වයස 21 දී 2013 බාසිලොනා පාපන්දු සමාජයට,
හුවමාරු උනේ යුරෝ මිලියන 50 කට!

බ්‍රසීලය වෙනුවෙන් තරඟ 48ක දී ගෝල 30
ලා ලීගා බාසිලෝනා වෙනුවෙන් තරඟ 26 ගෝල 9 සහය 10
යුරෝපීය ශූරයන්ගේ කුසලානය තරඟ 10 ගෝල 4 සහය 5
අවුරුදු 16 සිට බ්‍රසීලයේ 17, 20, 23න් පහළ හා ජාතික කණ්ඩායමට  ක්‍රීඩා කළා


2011 FIFA ලෝක සමාජ කුසලානයේ අවසාන තරඟයේදී සන්ටොස් බාසිලෝනාවට 4-0 ලෙස පරාජය උනා. නේමාට ලෝකඩ පදක්කමක්!

2011 දකුණු ඇමරිකානු තරුණ ශූරතාවයේ නේමා ගෝල 9යි! අවසාන තරඟයේ 2යි! හොඳම ක්‍රීඩකයා!
මහද්වීප ශූරයන් සහභාගී වූ බ්‍රසීලයේ පැවති 2013 කොන්ෆෙඩරේශන් කුසලානයේදී අංක 10න් ක්‍රීඩා කරමින් නේමා රන් පාපන්දුව දිනා ගත්තේ අවසාන තරඟයේ ලෝක ශූර ස්පාඤ්ඤය 3-0 ට පරාජය කරමින්!


නේමා ලෝකයේ 6 වැනි හොඳම ක්‍රීඩකයා ලෙස ගාර්ඩියන් තේරුවා.
පේලේ කියන්නේ නේමා අංක 1 කියලා!

නේමාගේ පියා වෘත්තීමය ක්‍රීඩකයෙක්! නේමා ඒ අඩිපාරේ ගියා! ඩේවිඩ් ලූකා නේමාගේ දරුවා! දැන් අවුරුදු 2යි!


නේමා පාපන්දු ක්‍රීඩාව ආරම්භ කලේ වීදියෙන්! අද ලෝකයම ඔහුව අඳුරා ගනීවි. ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයා ඔහු වේවිද?


No comments:

Post a Comment