Saturday, June 14, 2014

මේ ලෝක කුසලානය අළුත් රටකට ලැබෙන අවස්ථාවද?


ලෝක ශූරයන් වූ ස්පාඤ්ඤය නෙදර්ලන්තය විසින් 5-1 ලෙස පැරදවීම, ලෝක කුසලාන තරඟාවලියේ පිට පෙනුම, ඇතුලත සහ උපක්‍රම වෙනස් කිරීමට හේතු වේ. ස්පාඤ්ඤය භාවිතා කරන එක ස්පර්ෂයේ කෙටි දැමීම්, බෝලය තමන් ලඟ තබාගන කුඩා කණ්ඩායමක් සේ ප්‍රතිවාදීන්ගේ හිදැස් තුලට රිංගා ගෝල ලබා ගැනීමේ ටිකි ටාකා ක්‍රමයට පිළිතුරු වශයෙන් නෙදර්ලන්තය ප්‍රහාරාත්මක දිගු හා හරස් දැමීම්ද, විසිරී ක්‍රීඩා කිරීමද භාවිතා කලේය. 

ස්පාඤ්ඤය පසුපෙළ ආරක්‍ෂකයින් වූ බාසිලෝනාවේ පීකේ හා රියල් මැඩ්රිඩ් රාමෝස් ආක්‍රමණයට වේගවත් ආජන් රොබන් හා වැන් පර්සි යෙදවීමෙන් ස්පාඤ්ඤ ආරක්‍ෂක සැලසුම් හා ක්‍රීඩා ශෛලිය අවුල් කලේය. වෙස්ලි ස්නයිඩර් මැදපෙළින් එහාට ගොස් ප්‍රහාරයන්ට සහය විණි. 



නෙදර්ලන්තයේ ආරක්‍ෂකයකු වන 22 හැවිරිදි ඉන්ඩි වරෙක මැදපෙළ හා ප්‍රහාරකයකු ලෙස කටයුතු කරමින් ස්පාදැඤ්ඤයට දැඩි පීඩනයක් එල්ල කලේය. වම් හා දකුණු ආරක්‍ෂකයින් වන ඉන්ඩි හා ව්‍රිජ් ගෝලය අසලටම ගොස් ප්‍රහාරය බලවත් කළහ.



ස්නයිඩර්, එනියෙස්ටාට තම සුපුරුදු අාධිපතයය පැතිරවීමට ඉඩ නොදී මැද භාගයේ ඩේලි බ්ලයින්ඩ්  සමග අාජන් රොබන් හා රොබින් වැන් පර්සිට ගෝල ගැසීමට බෝලය උඩින් දැමීය. මෙහිදී ඩේලි බ්ලයින්ඩ් වම්පස තීරුවේ ඉහල පහල ක්‍රීඩාකරමින් ස්පාඤ්ඤ ප්‍රහාරය අඩපන කලේය. දියාගේ කොස්තා සැලසුම් නැවත්වීමටත්, ගෝල ලබාගැනීමට රොබින් වැන් පර්සිට හා ආජන් රොබන්ට දුර සිට බෝලය ලබාදුනි. ඔහු සම්පූර්ණ වම් කලාපය ආධිපත්‍යය කලේය. 


ආරක්‍ෂකයන් සේ කටයුතු කළ ව්ලා, මාටිනස් හා ඉන්ඩි දියාගෝ ස්පාඤ්ඤයේ ඉදිරි පෙළ ප්‍රහාරකයින් වූ කොස්තා, ෆ්‍රෙඩ් සහ සිල්වා නවතා ලීමට සමත් වූහ. 

මේ ප්‍රතිඵලය ලෝක කුසලානයේ පෙරළියකි. නෙදර්ලන්ත මෙන්ම මැන්චෙස්ටර් යුනයිටඩ් පුහුණුකරු ටිකි ටාකා පැරදවීමට 1970 ගණන්වල ප්‍රචලිත වූ "පූර්ණ පාපන්දු" ක්‍රමය උපයෝගී කරගති. එහිදී ක්‍රීඩකයින්ට ඉහල පහ‍ල ක්‍රීඩා කිරීමට නිදහස ලැබෙන අතර, දීර්ග දැමීම්, හරස් දැමීම්, උසින් තරඟ කිරීම හා තරඟයේ අධි වේගයක් පවත්වාගනී. 

මෙහිදී ස්පාඤ්ඤයට වූ මානසික පසු බැස්ම ඉතා මහත්ය. 1963ට පසු ඔවුන් මෙතරම් පහළ ලෙස පැරදී නොමැත. කෙස් උවද ස්පාඤ්ඤය මීට වඩා වෙනස් ක්‍රම වේදයක් ඕස්ට්‍රේලියාව හා චිලී තරඟ වලට අනුගමනය කරනු ඇත.

නෙදර්ලන්තය මේ ජයග්‍රහණය සමග අත්කරගත් වාසිය B කාණ්ඩයේ අංක 1ට පැමිණීම නිසා 16 දෙනාගේ වටයේදී බ්‍රසීලය වෙනුවට ක්‍රොඑ්ශියාව, කැමරූන් හෝ මැක්සිකෝව තරඟ වැදීමට අවස්ථාව ලැබේ. ස්පාඤ්ඤයට බොහෝ විට බ්‍රසීලය 16 වටයේ හමුවීමට ඉඩ ඇත. එය ස්පාඤ්ඤයේ හොඳම කැමැත්ත නොවේ!

නෙදර්ලන්තයේ සියලුම ක්‍රීඩකයින් ඉන්ජරි වලින් තොරව ඉතා හොඳ තත්වයක සිටී. රොබින් වැන් පර්සි එංගන්ත ලීගයේද, ආජන් රොබන් ජර්මන් ලීගයේද, ස්නයිඩර, ඉන්ඩි,  ජන්මත් හා බ්‍ලයින්ඩ් නෙදර්ලන්ත  ලීගයේද දස්කම් දැක්වූ ක්‍රීඩකයෝය. ඇස්ටන් විලා ක්‍රීඩා කරන ව්ලාර් හා ව්‍රිජ් මේ තරඟයේදී තරඟයේදී සුපිරි ආරක්‍ෂාවක් සැපයූහ. 

මෙම තරඟය ලෝක කුසලානයේ වඩාත්ම ආකර්ෂණීය තරඟයයි. නෙදරන්තය තරඟාවලියට ගිනි ඇවිලවූ බ්‍රසීලයටද මේ උණුසුම දැනෙනු ඇත. අනිකුත් කණ්ඩායම්ද දැන් ඉතා ප්‍රහාරාත්මක ශෛලියකට තරඟ කරනු ඇති අතර ප්‍රහාරකයන්ගේ වේගය සහ ශක්තිය මේ වර ලෝක කුසලානයේ ජයග්‍රහණයේ ක්‍රමවේදය වනු ඇත. 

ස්පාඤ්ඤය ගෝල 1යි :සාබි අලෝන්සෝ (27')
නෙදරලන්තය  ගෝල 5යි: රොබින් වෑන් පර්සි (72', 44'),
ආජන් රොබන්(53', 80'),ස්ටෙපාන් ඩි ව්‍රිජ් (65')

මේ ලෝක කුසලානය අළුත් රටකට ලැබෙන අවස්ථාවද?

FIFA 2014 නෙදර්ලන්තය ස්පාඤ්ඤය (5-1) : සියලු ගෝල වීඩියෝ


No comments:

Post a Comment