Saturday, June 21, 2014

කොස්ටාරිකාව ඉතාලිය පැරදවූ ප්‍රතිප්‍රහාර සැලැස්ම




ප්‍රථම භාගයේදී කොස්ටාරිකාව ඉතා ආක්‍රමණකාරී වීම.
ගෝල රකින බුෆොන් ගෝ‍ල් කික් ගනිද්දී කොස්ටාරිකා ඉදිරි පෙළ තිදෙනකු ඉතාලි ආරක්‍ෂකයින් දෙදෙනා අතරට රිංගීම නිසා බුෆොන්ට බෝලය ඈතට ගැසීමට සිදුවීම. මෙහිදී ඉතා පහසුවෙන් කොස්ටාරිකාවට බෝලය ගැනීමට හැකිවීම.


ඉතාලියේ මැදපෙල පිරලෝ, මෝතා හා ප්‍රහාරකයන් අතර දැමීම් අවම කිරීමට හා මැදපිටියේ ක්‍රීඩාකල කොස්ටාරිකා ක්‍රීඩකයෝ සමත් වීම.

නිදහසේ පිටියේ පාවූ කැන්ද්‍රේවා සහ මාර්ෂියෝ වලකා ලීමට කොස්ටාරිකා ආරක්‍ෂකයෝ ඉදිරියට පැමිණ නිදහස් කලාප අඩුකිරීම.

කොස්ටාරිකාව බෝලය ‍තබාගැනීමට වඩා බෝලය දිනාගන නිර්මාණශීලී දැමීම තුලින් වේගවත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම.

ප්‍රතිප්‍රහාර ව‍‍ලදී ජෝ කැම්බල් සහ ක්‍රිස්ටුයන් බො‍ල්නාස් ගේ වේගයට ඉතාලි ආරක්‍ෂකයින් අවිනිශ්චිත කිරීම.

විනාඩි 25 ක් ආක්‍රමණකාරී ක්‍රීඩාවකට පසු තරඟය තැන්පත් විය. එහිදී ඉතාලියට වඩා ඉඩකඩ හා කාලය ලැබුනත් කොස්ටාරිකා ආරක්‍ෂකයෝ ඉහ‍ලට වී සිටියහ. එය උඩින් බලෝටෙලිට බෝලය දැමීමට ආරධනයක් බඳු විය. බලෝටෙලිට ඉහලින් බෝලය දැමූ සෑම අවස්ථාවක් ඔහුට බෝලයට ලඟාවීමට බැරි විය. එක් අවස්ථාවකදී පාලනය කරගැනීමට බැරිවිය.

පහත රූපය පරිදි ඉතාලිය ඕෆ් සයි්ඩ් 11 වාර්ථා කිරීම නිසා ගෝල ලබාගැනෛමේ අවස්ථා අහිමි විය.



ආරම්භයේ සිටම කොස්ටාරිකාව බෝලය ඉක්මනින් ඉදිරියට ගෙන යමින් පසු පස පැති ක්‍රීඩකයන්ද ඉදිරියට ගනිමින් පැති ප්‍රහාර එල්ල කරනවිට ගෝල කොටුවේ වැඩි ක්‍රීඩකයන් ගණනක් බැස සිටුයහ.

මේ අනුව ප්‍රහාරක රුයිස් ට දකුණු පැති ආරක්‍ෂක ජූනියර් ඩයස් කල හරස් දැමීමට හිසින් ගසා ගෝලයක් ලබාගත හැකිවිය. ක්‍රිස්ටියන් ගැම්බෝවා එවන්ම වම් දැමීමක් ඊට පෙර කළද ඉතාලිය පාඩමක් ඉගන ගත්තේ නැත.

කොස්ටාරිකාව කෝණ සහ නිදහස් පහර ගණනාවකදී පෙර සැලසුම් ක්‍රියාත්මක කළහ. ඔවුන් අවශ්‍ය විටදී තරඟය මන්දගාමී කළ අතර ඉතාලියේ රිද්මය අවුල් කළහ.

ඉතාලියේ මැද ආරක්‍ෂකයින්ට හා ගෝල රකින්නාට නිතර ඉහල බෝල වලින් නිරතුරු තර්ජනයක් එල්ල කිරීම නිසා ඔවුන් අවුල් වීම.

කොස්ටාරිකා තරඟ සැලැස්ම බුද්ධිමත්ව ප්‍රහාර සහ විවෘතව ක්‍රීඩා කිරීම මත ක්‍රියාත්මක විනි.






දෙවන භාගයේදී ඉතාලියේ පුහුණුකරු ප්‍රන්ඩෙලි ප්‍රහාරක අන්තොනියෝ කසානෝ සහ තියාගෝ මොතා ගෙනවිත් 4-2-2-2 රාමුවට ක්‍රීඩා කලද කොස්ටාරිකා ආරක්‍ෂක වැට බලවත් වීය. ඉතාලිය පළල සහ හරස් පාරව‍ල් කලේ නැත. දෙවන භාගයේදී කොස්ටාරිකාව වඩාත් ගැඹුරට බැසි අතර, ආරක්‍ෂාව ඉතා‍ලියේ ප්‍රධාන කරුණ විය. හරස් පාරව‍ල් වලින් තර්ජනය එල්ල කලහ. බලෝටෙලි දෙවන භාගයේ හිටියාට පෙනුනේ නැත. පිරලෝ දෙවන භාගයේදී ක්‍රීඩා කල අයුරු පහත දැක්වේ!



දෙවන භාගයේදී තෙවන ප්‍රහා කලාපයට බෝලය දැමීමට වඩා මැදපිටියේ බෝලය තබාගැනීමට ඔහු ක්‍රියාකිරීම  පුදුමයකි.



ඉතාලිය බොලය තබාගැනීමේ යුරෝපා ක්‍රමයට එංගලන්ත තරඟය ජයගත්තද අවදානමම වැඩි වේගවත් ප්‍රහාරක පාපන්දු ක්‍රමය අනුගමනය කළ කොස්ටාරිකාව පරාජය කිරීමට බැරිවිය.

කොස්ටාරිකාව ජය!

No comments:

Post a Comment