Thursday, June 12, 2014

2014 විවරණය : බ්‍රසී‍ලයේ ක්‍රීඩා විලාශය පීඩනය, ප්‍රහාරය, වේගය!



බ්‍රසී‍ලයේ ශක්තිමත් ආරක්‍ෂක පවුර නායක තියාගෝ සිල්වා (ප්‍රංශ ලීගය), ඩේවිඩ් ලුයිස් (එංගලන්ත ලීගය), ලුයිස් ගස්ටාවෝ (ජර්මානු ලීගය), ඩැනි අල්විස් (ස්පාඤ්ඤ ලීගය) , වි‍‍ලියන් (චේ‍ල්සි) ඕනෑම ප්‍රහාරයකට සූදානම්!
'
මේ පවුරෙන් රිංගා යාමට විශේෂ ප්‍රයෝග අවශ්‍යයි!



මැද පෙල මාර්සෙලෝ (රියල් මැඩ්රිඩ්) පසුපස ක්‍රීඩා කිරීමටත්, දුර සිට ගෝල ලබාගැනීමටත්, දකුණු පසින් ඉදිරියට ගොස් ගෝල අවස්ථා නිර්මාණය කරයි!

බාසිලෝනාවේ ඩැනී අ‍ල්විස් ඉදිරියේ සහ පසුපස ක්‍රීඩා කිරීමටත්, දුර සිට ගෝල ලබාගැනීමටත්, ඉතා හොද හරස් ලබාදීම් කරයි.

මැදපෙල ඔස්කාර් (චෙල්සි) හා පෝලීනියෝ (ටොටන්හම්) නේමා, හලක් සහ ෆ්‍රෙඩ් සමගද ආරක්‍ෂක පෙල, දකුනෙන් ඩැනී අල්විස් හා වමෙන් මාසේ සමග ගෝල අවස්තා නිර්මාණය කරයි!

බාස්ලෝනාවේ නේමා, දැවැන්ත හලක් (රුසියානු ලීගැය), හා බ්‍රසීලයේ ෆ්‍රෙඩ් ප්‍රහාරකයින්. කපටිලෙස ආරක්‍ෂක වලලු තුලින් රිංගා බෝලය ගෙනයාම, නිදහස් පහරවල් සහ අතිශය නිරවද්‍යතාවය නේමාගේ හැකියාව. මේ ඔහුගේ  ක්‍රීඩාවේ හොඳම සමයයි!

හලක් ශක්තිමත්, වේගවත් දැවැන්ත ආරක්‍ෂක වලලු හා ගැටීම ඔහුගේ හැකියාව. බ්‍රසීලයේ ගෝල රකින්නා පසුගිය තරඟ වාරයේදී කැනඩාවේ ක්‍රීඩා කලේ! යුරෝපීය අත්දැකීම් මදිකම අඩුවක්!



No comments:

Post a Comment