Friday, June 20, 2014

ලෝක කුසලානයේ පෙරලිකරන උරුගුවේ සුවාරෙස්

2013/14 වසරේදී යුරෝපයේ රන් සපත්තු සම්මානය ඔහු ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සමග බෙදාගත්තේය. 2014 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ වලදී ගෝල 11ක් ලබාගනිමින් දකුණු ඇමරිකාවේ පෙරමුණ ගත්තේය. නිදහස් ක්‍රීඩා විලාශය, වේගය, තාක්‍ෂණික හැකියාව, ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමේ හැකියාව, පා පහරවල සැරකම සහ ඉලක්කය සුවාරිස් සුවිශේෂී ප්‍රහාරකයකු කර ඇත.



















වයස 19දී ලුවිස් සුවාරෙස් 2006 දී නෙදර්ලන්තයේ ග්‍රොනිනිජෙන් ක්‍රීඩා සමාජයට බැඳුණු අතර 2007 නෙදර්ලන්ත ලීග ශූර ඇජක්ස් ක්‍රීඩා සමාජයට මාරු කෙරුණි. 

2008-09 තරඟවාරයේදෛ හොඳම ඇජක්ස් ක්‍රීඩකයා සම්මානය ලද අතර 2010 දී ඇජක්ස් නායකයා ලෙස පත් කෙරුණි. නෙදර්ලන්ත ලීගයේ තරඟ 33කදී ගෝල 35ක් ලබාගත් ඔහු KNVB ක‍‍ුසලානය ඇජක්ස්ට ලබාදිණි. 2010–11 තරඟවාරයේදී ඔහු ඇජක්ස් වෙනුවන් ගෝල 100ක් වාර්ථා කළේය.


2011 ජනවරියේදී ඔහු යුරෝ මිලියන 26.5කට එංගලන්තයේ ලිවර්පූල් සමාජයට මාරු කළ අතර ඔහුගේ ආගමනය සමග ලිවර්පූල් 12 වන ස්ථානයේ සිට 6 වැනි ස්ථානයට ආවේය. පෙබරවාරි 2012දී සූවාරිස් ලිවර්පූල් සමාජයට ලීග කුසලානය ලබාදිණි.


2012 පෙබරවාරි ඔහු ලිවර්පූල් වෙනුවෙන් 6 වන ගෝල ත්‍රිත්වය ලබාදී එංගලන්ත ප්‍රීමියර් ලීග ඉතිහාසයේ වැඩිම ගෝල ත්‍රිත්වයක් ලබාගත් ක්‍රීඩකයා විණි.

2014 ඔහු PFA ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේ යුරෝපීය නොවන ප්‍රථම ක්‍රීඩකයා ලෙසය. 2013 ගෝල 31ක් ලබාගත් සුවාරිස් ප්‍රීමියර් ලීගයේ රන් සපත්තුව දිණීය. යුරෝපය වඩාත් බලපෑම් කළ හැකි ක්‍රීඩකය ලෙස නම් කෙරුණු සුවාරෙස් ලෝකයේ හොඳම ක්‍රීඩකයන් 50 දෙනාගෙන් කෙනෙක් ලෙස නම් කෙරුණි. 

2007 වයස 20න් පහල ලෝක කුසලානයේ 4 වන ස්ථානය වෙත උරුගුවේ මෙහෙයවීමටද 2010 ලෝක කුසලානයේදී උරුගුවේ අර්ධ අවසාන තරඟයට ගෙන ඒමට සුවාරෙස් ලබාගත් ගෝල හේතුවිණී.

2011 දකුණු ඇමරිකාණු කුසලාන තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස සුවාරෙස් නම් කලේ 15වන වතාවටත් දකුණු ඇමරිකාණු කුසලානය උරුගුවේට ලැබීමෙනි. 2013 වන විට උරුගුවේ වෙනුවෙන් ගෝල 35ක් ලබාගත් සුවාරෙස් එම රටේ ඉතිහාසයේ වැඩිම ගෝල ගණනක් ගත් ක්‍රීඩකයා බවට පත්විණි. 

දෙසැම්බර් 2013දී ලෝකයේ හොඳම ක්‍රීඩකයන් අතර 9වැනියා ලෙස ගාඩියන් පුවත්පත ඔහු නම් කලේය.


සුවාරෙස් උරුගුවේ සැල්ටෝ නගරයේ දරුුවන් 7 දෙනකුගේ පවුලක හතරවැනියා ලෙස උපත ලැබූ අතර වයස 7 මොන්ටෙවීඩියෝ නගරයට ආ අතර වයස 9 දී ඔහු දෙමාපියන් වෙන්විණි.

බොහෝ දකුණු ඇමරිකානු ක්‍රීඩකයන් මෙන් ලුයිස් සුවාරෙස් තම ක්‍රීඩාව ආරම්භ කලේ මොන්ටිවීඩියෝ වීදී වලය. වයස 14දී ඔහු නැෂනල් කණ්ඩායමට එකතු කරගැණිනි. වයස 15දී තරඟ විනිශ්ච්‍ය කරුවෙකුට හිසින් පහරදීම නිසා රතුපතක් ලද ලුවිස් සුවාරෙස් ඉක්මන් කේන්ති කරායෙකි. වරක් ඔහු  චෙල්සි ක්‍රීඩක  ඉවනවික්ගේ අත හපා කෑවේය. ඔහුට තරඟ 10ක තහනමක් පැනවූ තීරක මණ්ඩලය කියා සිටියේ "ක්‍රීඩකයකු අනෙකුත් ක්‍රීඩකයන්ට ආදර්ශයක් විය යුතු බවය". පසුව ඔහු එම සිද්ධියට සමාව ඉල්ලා සිටියේය."

2014 ලෝක කුසලානයට පෙර ඔහු දණිස්සේ සැත්කමකට භාජනය වූ අතර ඔහු සහභාගී නොවූ කොස්ටාරිකා තරඟය 1-3 ලෙස උරුගුවේ පරාජය වීය. ඊයේ රාත්‍රියේ පැවතුණු එංගලන්ත තරඟය තරඟාවලියේ රැඳී සිටීමට අත්‍යවශ්‍ය ජයග්‍රහණයක් වූ අතර ලුවිස් සුවාරෙස් තම සගයා වන එඩුන්සන් කවානි සමග 39 වන විනාඩියේ  හා ගෝල රකින මස්ලේරා සමග උපක්‍රමශීලී ලෙස ක්‍රීඩා කරමින් 84 වන විනාඩිය්දී ගෝල ද්විත්යක් ලබාගනිමින් එංගලන්තය පරදවා උරුගුවේ 16 දෙනාගේ වටයට යාමේ බලාපොරොත්තු වැඩි කලේය.

උරුගුවේ සිටින D කාණ්ඩයෙන් එංගලන්තය දැනටමත් පසුබා ඇති අතර අද රාත්‍රියේ ඉතාලිය හා කොස්ටාරිකා අතර තරඟයක් පවතී. මෙම තරඟය කවරකු ජයග්‍රහණය කළත් උරුගුවේට ඉතාලිය පරාජය කිරීමෙන් පමණක් 16 දෙනාගේ වටයට යා හැක. එම තරඟයේදී ඉතාලිය පැරදවීම මෙන්ම වැඩි ගෝල සංඛ්‍යාවක් ලබාගැනීමද උරුගුවේට තිබෙන අභියෝගයකි.

ජූනි 24 වැනිදා රාත්‍රී 9.30ට උරුගුවේ ඉතාලි තරඟය ලෝක කුසලානයේ අවසාන තරඟය තරමට උණුසුම් වනු ඇත. ඉතාලියේ මාරියෝ බලෝටෙලි හා සුවාරෙස් ගෝල තරඟයද එදිනට අපට බලාගත හැකිවනු ඇත.

#srilankafootballfan

No comments:

Post a Comment