Tuesday, June 17, 2014

දෙවරක් ඝානාවට පැරදුන ඇමරිකාව ජය ලබයි!

2006 ලෝක කුසලානයේ කාණ්ඩ මට්ටමේදී හා 2010 ලෝක කුසලානයේ 16 දෙනාගේ වටයේදී අමතර කාලයේදී  ඝානාවට පරාජය වී ඉවත්වූ ඇමරිකාව අද තරඟයට අවතීර්ණ වූයේ ඝානාව පරාජය කිරීමටය. ඝානාවද තම හැකියාව නැවත වරක් පෙන්වීමට සූදානම්ව ආහ.

 
තරඟයේ ප්‍රථම තත්පර 20 ගතවීමට පෙර ඇමරිකාවේ ක්ලින්ට් ඩෙම්සේ ලබාගත් ගෝලයට පිළිතුරු ගෝලයක් ලබාදීමට 82 විනාඩියේදී ඝානාවේ අන්ද්රේ ආයුට හැකිවිනි.

 ඒ අතර තරඟය ඉතා වේගවත් වූ අතර ඝානාව වැඩි දස්කම් දක්වන බවක් පෙනුණි.















 තරඟයේ 86 වන විනාඩියේදී ආදේශකයකු ලෙස ආ ජොන් බෘක්ස් ජූනියර් හිස් පහරකින් ලබාගත් ගෝලයෙන් තරඟය ඇමරිකාවට දිණි.
ඉතිරි හා අමතර කාලය තුල ඝානාව සුපිරි උත්සාහයක් යෙදුවද ඇමරිකාව තම ගෝලය ආරක්‍ෂා කලහ. 

මේ අනුව G කාණ්ඩයේ ලකුණු තුනක් ලබා දෙවනුවට සිටින ඇමරිකාවේ ඊ ලඟ තරඟ 2 ජර්මනිය හා පෘතුගා‍ලය සමගය. ඉදිරියට යාමට ඇමරිකාව ජර්මනියේ තරඟය සම කරගැනීමටත් පෘතුගාල තරඟය දිනාගැනීමටත් උත්සාහ කරණු ඇත. පෘතුගාලය ඉදිරියට යාමට ඊලඟ තරඟ 2 ජයග්‍රහණය කළ යුතුය. ඇමරිකාවෙන් පරාජය ලද ඝානාව පෘතුගාලය හා ජර්මනිය සමග කරන තරගද වැදගත්ය. ලෝක කුසලානයකදී ඕනෑම දෙයක් විය හැක.



No comments:

Post a Comment