Monday, June 23, 2014

FIFA 2014 : 16 වටයට බ්‍රසීලයද? මැක්සිකෝවද? ක්‍රොඑ්ශියාවද ?

ලෝක කුසලානයේ A කාණ්ඩයේ සෑම කණ්ඩායමක්ම තරඟ 2 ක් ක්‍රීඩා කර අවසන්! ක්‍රොඑ්ශියා තරඟය දිනා මැක්සිකෝ තරඟය සමවී ලකුණු 4 ක් ගත් බ්‍රසීලය එක ගෝලයකින් පෙරමුණේ! මැක්සිකෝව ලකුණු 4 දෙවැන්නා!  කැමරූන් තරඟය ජයගත් ක්‍රොඑ්ශියාවට ලකුණු 3යි!

අද බ්‍රසීලය සහ කැමරූන් ! ක්‍රොඑ්ශියාව සහ මැක්සිකෝව!


කැමරූන් පසුගිය තරඟ දෙකම පරාදයි! ගෝල වෙනස -5යි! ක්‍රොඑ්ශියාවෙන් 4යි, මැක්සිකෝවෙන් 1යි!

බ්‍රසීලය මැක්සිකෝවට සම වූයේ ගෝල රකින ගිලිමෝ ඕචා නිසා!
ක්‍රොඑ්ශියාව කැමරූන් පරාජය කලේ ප්‍රහාරක මාරියෝ මැන්ඩුස්කික්ගේ ආගමනයෙන්! බ්‍රසීලයට ක්‍රොඑ්ශියාව පැරදුන තරඟයට මැන්ඩුස්කික් හිටියේ නෑ!











තරඟ දෙකම එකම වෙ‍ලාවක! කෝකද බලන්නේ! කැමරූන් බ්‍රසීලය පරාද කලත් ඔවුන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබන්නේ නෑ. බ්‍රසීලය පැරදුනොත් හෝ සම උනොත් වාසිය එන්නේ ක්‍රොඑ්ශියාවට හෝ මැක්සිකෝවට! කැමරූන් උත්සාහ කරයි දිනන්න, නැතිනම් සමවෙන්න!
අඩුතරමින් පැරදුනත් ගෙදර යන්න ගෝලයක් අරන්! ඒ නිසා කැමරූන්ට අවසාන තරඟය!

බ්‍රසීලය දිනලා ක්‍රොඑ්ශියාව සහ මැක්සිකෝ සම උනොත් බ්‍රසෛලය සහ මැක්සිකොව ඉදිරියට ක්‍රොඑ්ශියාව ඉවතට!

බ්‍රසීලය දිනලා ක්‍රොඑ්ශියාව සහ මැක්සිකෝ සම උනොත් බ්‍රසීලය සහ මැක්සිකොව ඉදිරියට, ක්‍රොඑ්ශියාව ඉවතට!

බ්‍රසීලය කැමරූන්ට සමවෙලා ක්‍රොඑ්ශියාව සහ මැක්සිකෝවත් සම උනොත්
බ්‍රසීලය සහ මැක්සිකොව ඉදිරියට, ක්‍රොඑ්ශියාව ඉවතට!

බ්‍රසීලය කැමරූන්ට පැරදිලා ක්‍රොඑ්ශියාව සහ මැක්සිකෝව සම උනොත්,
බ්‍රසීලය සහ මැක්සිකොව ඉදිරියට, බ්‍රසීලය ඉවතට!

ක්‍රොඑ්ශියාව දිනලා බ්‍රසීලයත් දිනුවොත් ක්‍රොඑ්ශියාව සහ බ්‍රසීලය ඉදිරියට, මැක්සිකෝව ඉවතට!

ක්‍රොඑ්ශියාව දිනලා බ්‍රසීලය කැමරූන්ට සම උනොත් ක්‍රොඑ්ශියාව ඉදිරියට, ගෝල පරතරය අනුව බ්‍රසීලය හෝ මැක්සිකෝව ඉදිරියට!

තරඟ දෙකම අවසාන වනතුරු අඩමානයි! තරඟය තියෙන්නේ ක්‍රීඩකයන් 11 ක් සමග තව ක්‍රීඩකයන් 11ක්! රටේ දිග පළල අනුව නොවේ! රතු කාඩ් එකක්, දඬුවම් පහරක්, ප්‍රධාන ක්‍රීඩකයෙක් ආබාධිත වීම, ආරක්‍ෂකයින් වරදක් කිරීම!


අද ක්‍රොඑ්ශියා මැක්සිකෝ තරඟය ප්‍රහාරක මාරියෝ මන්ඩුස්කික් හා ගුලමෝ ඕචාගේ තරඟය! හරේරා හා මොඩ්‍රික්ගේ මැද පිටියේ තරඟය!
මැක්සිකෝ ප්‍රහාරක සැන්ටෝස් හා පෙරලේටා එක්ක ක්‍රොඑ්ශියාවේ සර්නා හා ප්‍රන්ජික් සටන! රකිටික් තරඟයේ වෙනසක් කරයිද?   මැක්සිකෝවේ හර්නෙන්ඩස් වෙනසක් කරයිද?

ක්‍රොඑ්ශියාවට ගෝ‍ල  4 ක් දුන් කැමරූන්! රතු පතක්ද ලබාගත්තා!
අද කැමරූන් වෙනස් විදියකට බ්‍රසීලයට මුහුණ දේද?  බාසිලෝනාවේ අැලක්ස් සොන්ග්  නෑ!

නේමා තවමත් ගෝල 2යි! කාණ්ඩ මට්ටමේදී ගෝල 3 බැගින් ලබාගත් ආජන් රොබන්, වැන් පර්සි හා බෙන්සෙමා ඉදිරියෙන්! නේමා අද තරඟයේ සුවිශේෂී වෙනසක් කරයිද?

ඔබ බලන්නේ ක්‍රොඑ්ශියා සහ මැක්සිකෝ තරඟයද!  බ්‍රසීල තරඟයද!

No comments:

Post a Comment