Friday, June 20, 2014

FIFA 2014 : A කාණ්ඩයේ ක්‍රොඑ්ශියා මැක්සිකෝ ඉදිරිය තීරණාත්මකයි!

A කාණ්ඩයේ බ්‍රසීලය, මැක්සිකෝව, ක්‍රොඑ්ශියාව හා කැමරූන් තරඟ දෙකකදී පිළිවෙලින් ලකුණු 4, 4, 3, 0 යි!
කැමරූන් ගෝල පරතරය -5 ක්! ජූනි 24 ඊ ලඟ තරඟය බ්‍රසීලය සමග! කැමරූන් සුවිශේෂී යමක් නොකරයිනම් බ්‍රසීලයට වැඩි ගෝල සංඛ්‍යවක් සහ ජයග්‍රහණය ලද හැක.

තරඟය ඇත්තේ ජූනි 24 මැක්සිකෝව සහ ක්‍රොඑ්ශියාව අතර!



බ්‍රසීලයට 0-0ට සමවූ මැක්සිකෝව මේ දක්වා එකම ගෝලයක් වත් නොවැදුනු කණ්ඩායම් 4 අතර! ඉදිරියේ ජර්මනිය ඊ ලඟට මැක්සිකෝව. නයිජීරියාව සහ ඉරානය ඊට පසුව. මැක්සිකෝව මේ හපන්කම කර ඇත්තේ තරඟ 2දී! මැක්සිකෝවේ බලඇණියේ ගිලමෝ ඕචා ගෝල රකින සෙන්පතියෙක්!



බ්‍රසී‍ල තරඟයේදී තරඟ කාලයෙන් 47%ක් බෝලය මැක්සිකෝව ලඟ!
ප්‍රහාරක ජාවියර් හර්නෙන්ඩස් (මැන්චෙස්ටර් යුනිටඩ්) හා ගියෝවානි සැන්ටෝස් (විලා රියල්), රෆායෙල් මාකස් (ලියොන්), ප්‍රහාරක ඔරිබ් පෙරලේටා, ආරක්‍ෂක හරේරා (පෝටෝ)මැක්සිකෝවේ ශක්තිය!



මැක්සිකෝව බ්‍රසීලයට එල්ල කල ගෝල ප්‍රහාර 13ක්! ඉලක්කයට ගියේ 3 යි! බ්‍රසීලයෙන් ප්‍රහාර 18ක්! 8ක්ම ඉලක්කයට! ඒ 8ම ඕචා වැලකුවා. තරඟාවලියේ සුපිරිම ගෝල රැකීම ඕචාගෙන්!














ක්‍රොඑ්ශියාව ඉතා පීඩනයකින් බ්‍රසීල තරඟය කලේ. ඔවුන් ලද එකම ගෝලය ලබා දුන්නේ බ්‍රසීලයේ මාසෙලෝ!

කැමරූන් තරඟයට ඔවුන්ගේ ප්‍රහාරක මාරියෝ මැන්ඩුස්කික් (බයිරන් මියුනිච්) එකතු උනා! මැක්සිකෝව 1 ගෝලයක් දීපු කැමරූන්ට ක්‍රොඑ්ශියාවෙන් ගෝල හතරක්! දෙකක් මැන්ඩුස්කික්ට! තරඟ කාලයෙන් 51% ක්‍රොඑ්ශියාවට! ප්‍රහාර 21 න් 14 ක් ඉලක්කයට! ප්‍රථම භාගය අවසාන හරියේදී මාරියෝ මැන්ඩුස්කික්ගේ කොන්දට පාරක්!කැමරූන්හි ඇලෙක්ස් සෝං(බාසිලෝනා)ට රතු පතක්! 10 දෙනාගෙන් ක්‍රීඩා කරපු කැමරූන්ට ගෝල 3 ක් වැදුනේ දෙවන භාගයේදී!





මාරියෝ මැන්ඩුස්කික්, රකිටික්, මෝඩ්‍රික්, සර්නා හා බ්‍රසීලයේ උපන් එඩුවරාඩෝ (ආසනල්, ශක්තාර්), ප්‍රන්ජික් ක්‍රොඑ්ෂියාවේ අත්දැකීම් සහිත ක්‍රීඩකයන්. ඔවුන්ගේ කණ්ඩායම සමබරයි!





ක්‍රොඑ්ශියාවේ මෝඩ්‍රික් (රියල් මැඩිරිඩ්), මැන්ඩුස්කික් (බයිරන් මියුනිච්) හා රකිටික් (සෙවිලා) තිදෙනාම යුරෝපයේ තම කණ්ඩායම් ලීග ශූරයන් කළ අය! 2013/14 තරඟ වාරයේදී හොඳින් ක්‍රීඩා කළ අය! මැක්සිකෝවට දකුණු ඇමරිකා ක්‍රීඩා ලෝලීන්ගේ සහය!

ආරක්‍ෂාවේදී මැක්සිකෝවට වාසියක් පෙනුනත්, ප්‍රහාරයේදී හා ඉලක්කයේදී ක්‍රොඑ්ෂියාව ඉදිරියෙන්! ලෝක කුසලාන තරඟ 2 කදී මැක්සිකෝව 0ට ගෝල 1යි ක්‍රොඑ්ශියාව 2 ගෝල 5යි! දෙකම කැමරූන් පරාජය කළේ 1 : 4 ගෝල අනුපාතයට!
තරඟය සමවූවත් මැක්සිකෝව 16 වැනි වටයට! ක්‍රොඑ්ෂියාව දිනිය යුතුම තරඟයක්! වැඩි වාසිය මැක්සිකෝවට! ඒත් ක්‍රොඑ්ෂියාව පුංචි නෑ!
දෑස නොගෙන හොඳම තරඟයක් බලන්න පුළුවන්! #FIFA 2014 : A කාණ්ඩයේ ක්‍රොඑ්ශියා මැක්සිකෝ ඉදිරිය තීරණාත්මකයි!

No comments:

Post a Comment