Friday, June 20, 2014

එංගලන්තය පසුකර දමා උරුගුවේ මරණයේ කාණ්ඩයේ ඉදිරියට (1-2)

පසුගිය සතියේ ඉතාලියට 2-1 ලෙස පරජය වූ එංගලන්තය උරුගුවේ අවතීර්ණ වූයේ ඉදිරියට යාම හෝ නොයාම කණ්ඩායම් දෙකටම තීරණය වන තරඟයකටය. පසුගියද උරුගුවේ කොස්ටාරිකාව සමග වූ තරඟය 1-3 ලෙස පැරදී සිටිය අතර මෙම තරඟය දිනා ලකුණු 3ක් ල‍බාගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වීය. උරුගුවේ කොස්ටාරිකා තරඟයට සහභාගී නොවූ පාදයේ ආබාධයකට ලක්ව සිටි ලිවර්පූල් ප්‍රහාරක සුවාරෙස් උරුගුවේ කණ්ඩායමට එකතූ වීම එංගලන්තයට මහත් ගැටළුවක් විනි.
























ලුයිස් සුවාරෙස් 2013/14 එංගලන්ත ප්‍රීමියර් ලීග තරඟ වාරයේදී ලිවර්පූල් කණ්ඩායම වෙනුවෙන් තරඟ 33කදෛ ගෝල 26ක් හා සහය ගෝල 21 ක්ද උරුගුවේ වෙනුවෙන් තරඟ තරඟ 77 කදී ගෝල 41ක් ලබාගත් ලොව අතිදක්‍ෂ ක්‍රීඩකයෙකි. ඔහුගේ ලිවර්පූල් සගයන් වන නායක ස්ටීවන් ජෙරාඩ්, ග්ලෙන් ජොන්සන්, ජෝර්ඩන් හැන්ඩර්සන්, රහීමි ස්ටර්ලිං හා ඩැනියෙල් ස්ටුරිජ් එංගලන්තයට ක්‍රීඩා කළහ.

39 වන විනාඩිය දක්වා වේගවත්ව ගිය තරඟය උරුගුවේ එඩින්සන් කවානි විසින් උඩින් ලබාදුන් ආකර්ශනීය දැමීමක් සුවාරෙස්ගේ හිස් පහරකින් ගෝලයක් විය. මෙහිදී එංගන්ත වම් ආරක්‍ෂකයාගේ දුර්වලතාවය නිසා සුවාරෙස් ආවරණය නොවීමෙන් නිදහසේ ගෝලයක් වාර්ථා කිරීමට උරුගුවේට හැකිවිය.





එංගලන්තර 75 විනාඩියේදී තරඟය සමකලේ ග්ලෙන් ජොන්සන් ලබාදුන් හරස් පහරකට ගෝල පරහක් එල්ල ක‍ල රූනි විසිනි. එය ඔහුගේ ප්‍රථම ලෝක කුසලාන ගෝලය වීය.


එතැන් පටන් තරඟය සමබරව තිබූ අතර දෙපසම දක්‍ෂතා දක්වමින් වේගවත් තරඟ රටාවක යෙදුනහ.  එංගලන්තය මැන්චෙස්ටර් යුනයිටඩ් ප්‍රහාරක රූනි ගැන මහත් බලාපොරොත්තු තබාගත්තද, ඔහුගේ උත්සාහයන් දෙකක්ම සාර්ථක නොවිනි. එක ගෝලයක් නොලැබී ගියේ පන්දුව ගෝල හරස් බාරයේ වැදී ඉවත ගිය නිසාය. ඒ අතරම ස්ටර්ලිං එල්ල කල පහරක් වලක්වා ලීමටද උරුගුවේ ගෝල රකින්නාට හැකිවිය.


84 වන විනාඩිය දක්වා අැදුනු තරඟය උරුගුවේ ගෝල රකින මස්ලේරා වෙනස් ක‍ලේ දිගු ගෝලි පහරක් උඩින් ලබාදීමෙන්. පිටියේ අර්ධයකට මදක් එහා ගිය බෝලය ලබාගැනීමට එඩින්සන් කවානි සහ ස්ටීවන් ජෙරාඩ් උඩ පැන ගත් උත්සාහයේදී, බෝලය ජෙරාඩ් ගේ වැදී පසු පසට ගියේය. වහා බෝලය ලබාගත් සුවාරෙස් ගෝලය වෙත වේගයෙන් ගෙන ගොස් ඉලක්කය බලා ගෝල රකින ජෝ හාට් අසරණ කරමින් වේගවත් පහරකින් උරුගුවේට ජයග්‍රාහී ගෝලය ලබාදුන්නේය.


දෙවන පරාජයත් සමග එංගලන්තයට තරඟාවලියේ ඉදිරියට යාමේ අවස්ථාව අහිමි විණි. ජූනි 24 ඔවුනට සුවරිස් ක්‍රීඩා නොකල උරුගුවේ 1-3 ලෙස පරාජය කල කොස්ටාරිකාව හා තරඟ කරනු ඇත. එම තරඟය ඉතා උණුසුම් තරඟයක් වන්නේ ගෙදර යන එංගලන්තය අවම එක තරඟයක් ජයග්‍රහණය කිරීමට කරන උත්සාහයත්, තවත් ලකුණු 3ක් ලබාගැනීමෙන් හා වැඩි ගෝල ගණනක් මගින් ඉදිරියට යාමට කොස්ටාරිකාව උත්සාහයත් නිසාය. 

මේ අතර අද ඉතාලි කොස්ටාරිකා තරඟයද වැදගත් වන්නේ කවුරු දිනුවත් උරුගුවේ හා පරාජිතයා සමග ලකුණු තරඟය උග්‍රවන බැවිනි. දක්‍ෂ කණ්ඩායම් තුනක් සිටින D කාණ්ඩය මරණයේ කාණ්ඩය ලෙස හඳුන්වන්නේ එබැවිනි.

එංගන්තයේ තරුණ ක්‍රීඩක රහිමි ස්ටර්ලිං හා සුටුරිජ් එංගලන්ත කැපී පෙනුන අතර ඔවුන්ගේ දස්කම් අගෝස්තු 16 ආරම්භ වන එංගලන්ත ප්‍රීමියර් ලීග තරඟාවලියේදී දැක ගත හැකිවනු ඇත.

එංගලන්තයේ වේන් රූනි  2014 ලෝක කුසලාන තරගාවලියේදී සාර්ථක නොවීම එංගලන්ත පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු කඩවී යාමට හේතුවක් වීය.එංගලන්තයේ පරාජයන් දෙකටම හේතු වූයේ ආරක්‍ෂාවේ දුර්වලකම හා සුවිශේෂී ප්‍රහාරකයකු කණ්ඩායමට ඇතුලත් නොවීමයි. 2010 ක්‍රීඩා කළ ෆර්ඩිනන්ඩ්ස්, ක්‍රෝච් වැනි උස ක්‍රීඩකයන් එංගලන්තයට අවශ්‍යව ඇති බව විචාරක මතයයි.

එංගලන්තය ඉවතට දමා උරුගුවේට මරණයේ කාණ්ඩයේ ඉදිරියට (1-2)
#srilankafootballfan

No comments:

Post a Comment