Wednesday, June 11, 2014

අාජන්ටීනාවේ ලයනල් මෙසී : ලෝක කුසලාන 2014 විවරණය



ලයනල් අන්ද්‍රේස් මෙසී කුසිටිනි

උපත ජූනි 24 1987, රොසාරියෝ ආජන්ටීනාව. වයස 26, උස 1.69 m
ආජන්ටීනා ඉදිරි ප්‍රහාරක, මැදිපෙල මෙහෙයු,  නායක
බාසිලෝනා ක්‍රීඩා සමාජය (2004-2018)
වටිනාකම යුරෝ මිලියන 120



වයස 8දී ආජන්ටීනාවේ ඇත්ලටිකෝ නිවෙල් යොවුන් කණ්ඩායමට!

වයස 13දී 19න් පහළ  ඇත්ලටිකෝ නිවෙල් කණ්ඩායමෙන් බාසිලෝනා ජුවනයිල් (යෞවන) කණ්ඩායමට ශිෂ්‍යත්වයක්!
වයස 16දී බාසිලෝනා B කණ්ඩායමට!
වයස 17දී බාසිලෝනා ප්‍රධාන කණ්ඩායමට!



එතැන් පටන්!

බාසිලෝනාව වෙනුවෙන් තරඟ 425 කදී ගෝල 354 සහය ගෝල 152ක්. තරඟයයකට ගෝල 1.19ක්!
ආජන්ටීනාව වෙනුවෙන් තරඟ 102 යි, ගෝල 52යි. මින් තරඟ 18ක් සහ ගෝල 14 ක්! 20 න් පහල!

2013/14 UEFA ශූරයන්ගේ ලීගයේ තරඟ 7 ගෝල 8 සහය 1

2013/14 ස්පාඤ්ඤය ලා ලීගා තරඟ 31 ගෝල 28 සහය 11
කොපා ඩෙල් රේ තරඟ 5 ගෝල 3 සහය 1


FIFA වර්ෂයේ ක්‍රීඩකයා 4 වරක් 2009,2010, 2011,2012!


මෙසීගේ හිතන හැටි!



  • දිනුම පැරදුමට වඩා දේව‍ල් ජීවිතේ තියනවා!
  • මම පාපන්දු ගහනකොට වීදියේ පුංචි ලමයෙක් වගේ!
  • මම හුඟක් හිත හිතා ඉන්නේ නෑ. පන්දුව එන විදියට කරන්න තියන දේ කරනවා!
  • මගේ කකුල ගාව බෝලෙ තියනවානම් සල්ලි මට වැඩක් නෑ!
  • මට සල්ලි දුන්නත් නැතත් මට ඕනේ පාපන්දු ගහන්න.
  • ඔබේ සිහිනය සැබෑවක් කරගන්න ඔබ මහන්සියෙන් සටන් කරන්න ඕනේ!
  • දිනන එක හැම තිස්සෙම කරන්න බෑ, හැබැයි හැම තිස්සෙම  හොඳට සෙල්ලම් කරන්ඩ පුළුවන්!
  • ලෝක කුසලානයේදී අපි හැමෝම උපරිම දක්‍ෂතාවලට එනවා! ලෝක කුසලානයේදී ඕනෑම දෙයක් වෙන්න පුළුවන්!


"මෙසී මැජික් කාරයෙක්! බාසිලෝනාවේදී මට ගොඩක් උදව් වුනා පිටියේදී වගේම පිටදී. ඔහු මිනිසුන් සමග හැසිරෙන හැටි මට ආදර්ශයක් උනා! මට මෙසී ගැන කියන්න පුලුවන් හොඳ විතරයි!" - නේමා





"මෙසී මම වගේ" - මැරඩෝනා




මෙසී 2014 ලෝක කුසලානයට එන්නේ වැඩිම අත්දැකීම් තියන ක්‍රීඩකයෙක්, නායකයෙක් ලෙස! ලෝක කුසලානයට සිහින දකින රටවල් අතර බ්‍රසීලය පවා කියන්නේ අවසාන තරඟයට ආජන්ටීනාව එන බවයි!


"මෙසී නැවැත්විය හැකිනම් ආජන්ටීනාව පරාජය කරන්න පුළුවන්!"
බ්‍රසීලයේ නායක තියාගෝ! 


මෙසී වසර 8ක් බාසිලෝනාව වෙනුවෙන් යූරෝපීය තරඟ 454කදී හමුවූ ආරක්‍ෂකයින්, මැදපෙල ක්‍රීඩකයන් තමා ලෝක කුසලානයට එන්නේ!


බ්‍රසීලයේ ලුවිස්, මාර්සෙලෝ හා තියාගෝ ස්පාඤ්ඤයේ රාමෝස් සහ පීකේ ඔහුට ගැටළුවක් නෑ! නේමා ඔහුගේ බාසිලෝනා සහකරු!


මෙසීගේ ශක්තිය ප්‍රහාරක මැදපෙල ඩි මරියා 2013/14 ඉතාම හොඳින් කළා! අළුතින්ම නැගී එන ප්‍රහාරක මැදපෙල අල්වාරෙස් ඔහුගේ පීඩනය අඩු කරනවා! මැෂරානෝ ඔහුගේ බාසිලෝනා සහකරු!

දැනට ඉතා හොඳින් ක්‍රීඩා කරන ගොන්සාලේ හියුගන් සහ සර්ජි අගුයරෝ ඔහුගේ ප්‍රහාරකයන්! ඩෙමිචෙලස්, සැබලේටා ආරක්‍ෂකයින්!

මෙසී නායක, තරඟ මෙහෙයු සහ ප්‍රහාරක!









මේ ඔහුගේ කණ්ඩායම බාසිලෝනා, රියල් මැඩ්රිඩ්, මැන්චෙස්ටර් සිටි, ස්පෝටිං ලිස්බන් , ඉන්ටර් මිලාන්, සෙල්ට වීගෝ, පැර්ස් සෙන්ට ජර්මේන්, බොකා ජූනියර්ස් සමාජ වල ක්‍රීඩක එකතුවක්!.

ස්පාඤ්ඤ, එංගලන්ත, ප්‍රංශ, ඉතාලි, පෘතුගාල හා දකුණු ඇමරිකා අත්දැකීම්! ජර්මානු අත්දැකීම් නම් හිඟයි! 

2004 සිට යූරෝපීය ශූරයන්ගේ තරඟාවලියේ ක්‍රීඩා කරමින්.  2006, 2009, 2011 වර්ෂවල බාසිලෝනාට ජයග්‍රහණය.  මෙසී තරඟ 87 කදී ගෝල 67 ක් ලබාගත්තා. තරඟයකට ගෝල ප්‍රතිශතය 0.78 යි.

 යූරෝපීය ශූරයන්ගේ ශූරතාවය සහභාගී වීමෙන් මෙසී ජර්මන් ක්‍රම වේද හඳුනනවා!


මේ අනුව ඉතා හොඳ කණ්ඩායමක් මෙසීට ඉන්නවා! ඔවුන් ඉන්නේ පහසු කාණ්ඩයක. බොස්නියා, ඉරාන් සහ නයිජීරියා ඔවුන්ට ලෝක කුසලානයට පුහුණු තරඟ සේ වේවි! බෝස්නියාවෙන් තර්ජනයක් එල්ල වුය හැකිය! නමුත් ඔවුන් 16 වටයට යයි. 16 දෙනාගේ වටයේදී ආජන්ටීනාවට බෙල්ජියම, ස්විට්සර්ලන්තය හෝ පෘතුගාලය හමුවේවි. ඊලඟ වටයේදී ස්පාඤ්ඤය හෝ ඉතාලිය හමුවේවි!

බ්‍රසීලය, උරුගුවේ හෝ ජර්මනිය අවසාන තරඟයේදී හමුවිය හැකියි.













16 දෙනාගේ වටයේ සිට සෑම තරඟයක්ම ඔවුනට අවසාන තරඟයක්!

















"අපේ ඉලක්කය ජයග්‍රහණය! එය සැබවින්ම අමාරු වෙයි!, අපි හොඳම වයස් වල තමා ලෝක කුසලාන තරඟාවලියට ඇවිත් ඉන්නේ!අපට හොඳ කණ්ඩායමක් ඉන්නවා, අපිට යුරෝපයේ ඉතා හොඳ අත්දැකීම් තියනවා!" - මෙසී



No comments:

Post a Comment